අපිව එකවරක් එපානම්, අපිට සියදහස්වරක් එපා! බැසිල් ප්‍රසන්නට කියලා!!

0
56

අළුත් සන්ධානයට පොහොට්ටුව එන්න,
ඒත් රාජපක්ෂවරු පැත්තකින් ඉන්න..!
ප්‍රසන්න කියයි.

ඔයාට අපිව එක පාරක් එපානං
අපිට ඔයාව සිය පාරක් එපා..!
ජනාධිපති ඉදිරියේ දී ම
බැසිල්, ප්‍රසන්න රණතුංගට කියයි.

ජනාධිපතිවරයා සමග පැවති හමුවක දී, පොහොට්ටු පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, අමාත්‍ය ප්‍රසන්න රණතුංගට බැන වැදී ඇති බව වාර්තා වේ.

මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබී ඇත්තේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ය.

නමුත්, ජනාධිපතිවරයා මෙම හමුව සදහා පොහොට්ටු පක්ෂයේ ඔහුට හිතවත් ප්‍රසන්න රණතුංග ඇතුළ පාර්ශ්වයක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුට හිතවත් පාර්ශ්වයත් කැදවා තිබේ.

බැසිල්, ඒ සම්බන්ධයෙන් ද අප්‍රසාදය පළකර තිබේ.

සාකච්ඡාව අතර තුරේ දී, රාජපක්ෂවරු නායකත්වය නොදරන, ඒ නමුත් පොහොට්ටු පක්ෂයේ සහභාගීත්වය ඇති, පුලුල් සන්ධානයකට ඉඩ දෙන ලෙසට ඉල්ලීමක්, සන්ධානය සමග එක්වීමට අපේක්ෂා කරන අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත්ව ඇතැයි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර තිබේ.

බැසිල් රාජපක්ෂ කෝප වී ඇත්තේ ඉන් පසුවයි.

රාජපක්ෂවරු මේ ආකාරයට පාලනයට කිරීමට තමන් ඉඩ නොදෙන බව පවසා ඇති බැසිල් රාජපක්ෂ, ඔහේට අපිව එක් වරක් එපානං, අපිට ඔහේව සිය වතාවක් එපා යැයි ද පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here