IMF 4 වෙනි වාරිකය ගැන ලැබුණු ඉඟිය

0
31

කෙටි කලක් තුළදී රට ස්ථාවර කිරීමට සහ ආර්ථිකය වර්ධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් හා ජනාධිපතිවරයා අතර අද (01) සිදුකළ සාකච්ඡාවක් අතරතුදීය.

ඒ සම්බන්ධයෙන් අද දෙරණ සමග අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

“බාධාවකින් තොරව තුන්වෙනි සමාලෝචනය සම්පූර්ණ කරන්නත් ඒ හරහා අපිට 4 වන වාරිකය ප්‍රමාද නොවී ලබා ගැනීමටත් අවශ්‍ය වැඩපිළිවෙළ අපි සාකච්ඡා කළා. ඒක ඉතා වැදගත් අපිට. යම්කිසි හේතුවක් නිසා 04 වන වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වුනොත් රටේ ආර්ථික තත්ත්වයට කිසියම් අහිතකර බලපෑමක් ඇති වෙනවා.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ පහසුකමක් අනුමත වූයේ 2023 වසරේ මුල් භාගයේදීය.

එහි පළමු වාරිකය 2023 මාර්තු මාසයේ අනුමත වූ අතර අනතුරුව එහි දෙවැනි වාරිකය දෙසැම්බර් මාසයේත්, තෙවැනි වාරිකය ඉකුත් ජුනි මාසයේදීත් වශයෙන් මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් ලැබී අවසන් ය.

එසේම ඊට සමගාමීව සිදුකළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළද සාර්ථක එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here