IMF තුන්වෙනි සමාලෝචනය කඩිනම් කරන්න..! – හිටපු රාජ්‍ය මුදල් ඇමති…

0
39

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ මේ වන විට ශ්‍රී ලංකාව තුන්වෙනි සමාලෝචනය අභියස සිටින අතර කඩිනමින් එම කටයුතු සිදුකරගන්නා ලෙස හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

“අලුත් ජනාධිපතිවරයෙකුට ජනවරමක් දීලා තියෙනවා. ඒකෙදි අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා සහ රජය ඒ වගකීම ඉටුකරයි කියල. අපි දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපතිතුමා මුණ ගැහෙනවා.

අපි තුන්වෙනි සමාලෝචනය අභියස ඉන්නේ. තුන්වෙනි සමාලෝචනය තමයි හතරවෙනි වාරිකය වෙනුවෙන් ඒ කියන්නේ ඩොලර් මිලියන 300 හෝ 330 ක් 2025 පළමු කාර්තුව තුළ ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම හිතන්නේ කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කඩිනමින් තුන්වෙනි සමාලෝචනය සඳහා දින නියම කරගන්න. කඩිනමින් එය අවසන් කරන්න කටයුතු කරන්න.

ආණ්ඩුවක් හැටියට ජනාධිපතිතුමා ප්‍රමුඛ කණ්ඩායම ආණ්ඩුව මෙහෙයවද්දී අඩුපාඩු පෙන්වල දෙන්න විපක්ෂයකුත් අවශ්‍යයි. විපක්ෂයේ හැම කෙනාම එකට ඇවිල්ලා තරඟ කළා නම් හොඳයි. නමුත් ඒ තත්ත්වය මෙතනදී දැකගන පුළුවන් වෙනේ නැහැ. විපක්ෂයක අවශ්‍යතාව රටට තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here