
මේ වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
මේ වසරේ දිස්ත්‍රික්කයෙන් HIV ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, හඳුනාගැනීමට තවත් පිරිසක් සිටිය හැකි බවත් සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 87 දෙනකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩි පිරිසක් සූරියවැව සහ තිස්සමහාරාම ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව සඳහන්.
මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) මාරාන්තික රෝගයක් නොවන බවත් එය ප්‍රතිශක්ති ඌනතා (AIDS) තත්ත්වයට වර්ධනය වීමට පෙර මුල් අවධියේදීම ප්‍රතිකාර මඟින් සුව කළ හැකි බවයි මේ පිළිබඳ අදහස් දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ.