සා.පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කළ ගුරුවරුන්ගේ දීමනා දී නැහැ

0
10

පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කළ ගුරුවරුන් තිස්පන් දහසකගේ පමණ දීමනා ගෙවීමට විභාග දෙපාර්තමේන්තුව මෙතෙක් කටයුතු කර නැතැයි ලංකා ගුරු සංගමය පවසයි.

දීමනා ක්‍රමානුකූලව නොගෙවීම නිස විභාග රාජකාරි කටයුතු සඳහා සහභාගි වීමට ගුරුවරුන් මැළි වන බවද එම සංගමය සඳහන් කරයි.

ගුරුවරුන්ගේ මෙම දීමනා ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බවත් ඉතා ඉක්මනින්ම ගෙවීම් කරන බවත් එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here