සාගල රාජ්‍ය සේවය පතුරු ගහයි

0
21

ආණ්ඩුවක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී 90%ක වගකීම පවතින්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ බවත් සහ එය අසාර්ථක බව කණගාටුවෙන් වුවත් එය පිළිගත යුතු බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ “මතාන්තරය“ යන නමින් ඉරිදා ලංකාදීප පුවත්පතට සපයන තීරු ලිපියක දී ය. අදාළ කරුණු එම ලිපියේ සඳහන් කර තිබුණේ මතු දැක්වෙන ආකාරයෙනි.

“නමුත් කණගාටුවට කරුන තමයි, ආණ්ඩු මොන තීරණ ගත්තත් මේවා නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති එක. සාමාන්‍යයෙන් රජයක් ගන්නා ක්‍රියාමාර්ගවලදී ප්‍රතිපත්තිමය තීරණවලට හිමි වන්නේ සීයයට 10ක වැදගත්කමක්. ඉතිරි 90%ම වෙන් වෙන්නේ තීරණ අනුව ක්‍රියාත්මක වීම කියන දෙයට.“ යනුවෙන් සඳහන් කර තිබේ. ඔහු සඳහන් කරන ආකාරයට පවතින තත්වය මෙය නම් ගෙවී ගිය වසර දෙකක රනිල් වික්‍රමසිංහගේ කාලය තුළ ආණ්ඩුවේ ක්‍රියාමාර්වලින් 90%ක් අසාර්ථක වී තිබේ.

එම අසාර්ථකවීම රාජ්‍ය නිලධාරීන් පිට පටවා තිබෙන්නේ “ආණ්ඩුවක තීරණ කොතරම් නිවැරදි වුණත් ක්‍රියාත්මක වීම වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය තුළින්. නිලධාරීන් එය සිදු කළ යුතුයි. මේ නිසා රජය ගන්නා ක්‍රියාමාර්ග සාර්ථකවීම, ප්‍රමාදවීම, විකෘතිවීම හෝ සිදු නොවීම වන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක විදිහ අනුව.“ යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here