විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාවට පොලිසියෙන් විශේෂ වැඩපිළිවෙළක්

0
13

මැදපෙරදිග හා නැගෙනහිර යුරෝපයේ යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් පොලිස් මූලස්ථානය විසින් ක්‍රියාත්මක කෙරේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි පොලිසිය හා බුද්ධි අංශ එක්ව මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

පොලිස් සංචාරක කොට්ඨාසයට සහ සියලුම පොලිස් ස්ථානවලට වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඊට අදාළ උපදෙස් ලබාදී තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

ඕනෑම සංචාරකයකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වන ගැටලුවක් පිළිබඳව 1997 දරන ශ්‍රී ලංකා පොලිසියේ කෙටි දුරකථන අංකයට දැනුම්දීමේ අවස්ථාව ඊයේ (23 වැනිදා) සිට ලබාදී ඇති බවත් මෙය සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙන කාලයක් බැවින් සංචාරකයන් සම්බන්ධ ආර්ක්ෂාව පුළුල් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here