වතු කම්කරුවන්ට වැඩිකල 1700 අතට ලැබෙන තෙක් පිලිගන්නෑ..

0
37

පඩි පාලක සභාව මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 ක දෛනික වැටුප වතු කම්කරුවන්ට ලැබෙන තෙක් වතු කම්කරුවන් අවිනිශ්චිතතාවයකින් සිටින බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (13) දින හැටන් නගරයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදි මාධ්‍ය හමුවක් කැදවමිණි.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ මීට ප්‍රථම රු 1700 ක වැටුප වැඩි කල බවට කල ප්‍රකාශයෙන් අනතුරුව වතු කම්කරුවන් එය දින ගණනාවක් සැමරුම් උත්සව පවත්වමින් සතුට පල කල බවයි.

12 දින යලිත් වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කල බවට ප්‍රකාශයට පත් කලද එම වැටුප අතට ලැබෙන තෙක් කිසිදු සැමරුම් උත්සවයක් නොපැවැත්විමට වතු කම්කරුවන් තිරණය කර ඇති බවයි.

වතු සමාගම් විසින් පඩි පාලක සභාවේදි එකගතාවය පල කර ඇත්තේ රු 1350 ක දෛනික මුලික වැටුපක් සහ එම මුදලට ඊ.පි.එෆ් සහ ඊ.ටි.එෆ් මුදල ගෙවිමටත්, වසර තුනක් යනතුරු යලිත් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි නොකිරිමටත්, වැටුප් වැඩි කරන ලෙසට බල කරමින් කිසිදු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලඹිමට වතු වෘත්තිය සමිති වලට ඉඩක් නොමැති බවටද වතු සමාගම් මෙම සාකච්ඡාවේදි කොන්දේසි පනවා ඇති බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.

රු 1350 දෛනික වැටුපට අමතරව දිරි ගැන්විමේ දිමනා වශයෙන් ගෙවන බවට වතු සමාගම් එකග වු මුදල් ලබා ගැනිමට දෛනික මුලික වැටුපට නෙලිය යුතු අමු තේ දළු කිලෝ 18-20 අතර ප්‍රමාණයට අමතරව නෙලන අමු තේ දළු කිලෝ 07 ක් නෙලිම සිදුකලහොත් පමණක් වතු කම්කරුවන්ට දිනකට රු 1700 ක වැටුපක් ලබා ගැනිමට හැකි බවද වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

තේ අස්වැන්න වැඩි කාලයේදි දිනක වැටුපට නෙලිය යුතු අමු තේ දළු කිලෝ 18-20 අතර ප්‍රමාණයට වඩා වැඩි දළු ප්‍රමාණයක් වතු කම්කරුවන් නෙලන බවත්, අයහපත් කාලගුණය පවතින සමයන්හි දෛනික වැටුපට පවා අමු තේ දළු ප්‍රමාණය නෙලිමට නොහැකි විම හමුවේ වතු කම්කරුවෙකුට එම දිනයකට ලැබෙන්නේ වැඩිකල මුලික වැටුප පමණක් බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.

තවද දමිල ප්‍රගතිශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් වතු කම්කරුවන්ගේ වැඩි කිරිමට විරුද්ධ බව ප්‍රකාශ කර තිබුණු බවට කරන ප්‍රචාර අසත්‍ය බවත්, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිම සතුට විය යුතු කරුණක් බවයි මන්ත්‍රිවරයා කියා සිටින්නේ.

ජනාධිපතිවරණයක් ආසන්නයේ තිබියදි වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරිම මැතිවරණ නිති උල්ලංඝනය කිරිමක් බවට මෙරට ප්‍රධන මැතිවරණ නිරික්ෂණ ආයතනයක් මගින් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇති බවට තමන් වෙත තොරතුරු ලැබි ඇති බව රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here