වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව එම සමාගම පවසයි.
ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය සඳහන් කළේ, බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලුවක් හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්රදේශ කිහියපක ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවය.
මැදපෙරදිග රටවල පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්රමාද වීම සහ ලාෆ්ස් සමාගමේ ප්රධාන පර්යන්තය ජලයෙන් යටවීම මෙම තත්ත්වයට හේතුවූ බව ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත් ඊයේ (28) දිනයේ ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ.
ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ ගෑස් තොග දිවයින පුරා බෙදාහැරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය සඳහන් කළේය.