රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව නාමල්ගෙන් රතු එළියක්!

0
61

රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත කරන්නේනම් ඒ සදහා යොදාගත් නිර්නායක වහා රටට හෙලි කරන්න
ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ

රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සදහා සලකා බලනු ලැබූ නිර්නායකයන් මොනවාදැයි වහාම රටට හෙලිකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය .

විශේශයෙන්ම මත්තල ගුවන් තොටුපොළ හිල්ටන් හෝටලය මෙසේ ප්‍රතිව්‍යුහගත කරනවානම් එයට ආයෝජනය කිරීමට පැමිණි අයවලුන්ට එම ආයතන ලබාදීමේදී අනුගමය කල ක්‍රියාපටිපාටිය කුමක්ද?ඒ වගේම සළකා බැලූ නිර්නායක මොනවාද යන්න රටට හෙලිදරව් කළයුතු බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවානම් ඊට සුදුසු සමාගම් හෝ පුද්ගලයින්ට ලබාදිය යුතුබවත් වඩාත් පාරදෘශ්‍ය හා විනිවදභාවයකින් සිදුකල යුතු බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.තවද පාරදෘශ්‍යභාවයකින් තොරව කඩිමුඩියේ කරන ගනුදෙනුවලට තමා විරුද්ධ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

කෙසේවෙතත් රාජ්‍ය ආයතන විකිණීම තමන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තය නොවන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here