රනිල් රාජපක්ෂලාගෙන් අන්තිම ඉල්ලීමත් කරයි! 25 අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්න එපා! තව දවසක් දෙන්න!

0
14

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සදහා සජබ මන්ත්‍රීවරුන් 18 දෙනකු සහාය දැක්වීමට සූදානමින් සිටින බවත්, එතෙක් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පිළිබද කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පොහොට්ටුව වෙත දැනුම් දීමක් කොට ඇති බව දැනගන්නට තිබේ. Sri Lanka Latest News

ජනාධිපතිවරයා පසුගිය කාලයේ දිගින් දිගටම සජබයෙන් මන්ත්‍රීවරුන් 25ක කණ්ඩායමක් ආණ්ඩුවට එක් වන බව ප්‍රකාශ කර තිබීම හේතුවෙන් එම කණ්ඩායම ආණ්ඩුවට එක්කරගෙන පෙක්වන ලෙස පොහොට්ටුවෙන් ජනාධිපතිවයාට දින වකවානු ලබා දී තිබිණ.

පළමුව එසේ ලබා දී තිබූ දිනය වූයේ ජුනි 15 වන දිනය.

පසුව ජනාධිපතිවරයා තවත් මාසයක කාලයක් ඒ සදහා ලබා ගැනීම හේතුවෙන් එය ජුලි 15 දක්වා කල් ගියේය.

නමුත් එම දිනටද සජබ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවට එක් කර ගැනීමට‌ නොහැකි වීම නිසා ජනාධිපතිවරයා පෞද්ගලිකවම මහින්ද රාජපක්ෂ මහතා හමුවී තවත් සති 2ක් ඒ සදහා ලබා ගෙන තිබිණ.

එම දිනය ජුලි 25 වැනි දින අවසන් වීමට නියමිත නිසා ලබන 25 වැනිදාට ප්‍රථම එම කණ්ඩායම එක්කොටගෙන පෙන්වන ලෙසට පොහොට්ටුව මීට පෙර දැනුම් දීමක් කොට තිබිණ.

එසේ නොවුණහොත් ලබන 25 වැනි දින පොහොට්ටුවේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවද ‌රාජපක්ෂවරුන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙත දැනුම් දී තිබිණ.

නමුත් මේ වනවිට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇත්තේ ආර්ථික පරිවර්තන පනත සම්මත කරගැනීම සදහා සහාය දැක්වීමට සජබයෙන් 18ක කණ්ඩායමක් සූදානමින් සිටින නිසා ඊට ප්‍රථම පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කිරීමෙන් වැළකී සිටින ලෙසය.

මෙම කෙටුම්පත 26 වැනිදා සම්මත කරගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here