ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පසුගිය මැයි 01 වෙනි දින වතු ප්‍රජාවට ලබා දෙන ලද රුපියල් 1,700ක දෛනික වැටුප් පොරොන්දුවට රනිල් වික්‍රමසිංහ මේ වනවිටත් මුළුමනින් ම පයින් ගසා ඇති බව සනාථ වී තිබේ.
කම්කරු අමාත්‍යංශය ඒ වෙනුවෙන් ගැසට් නිවේදනයක් පවා නිකුත් කරමින් වතු ප්‍රජාව රැවටීමට උත්සාහ කළ අතර මේ වනවිට එම ගැසට් නිවේදනය ද හකුළා ගෙන තිබේ. මේ අතර ඇමති ජීවන් තොන්ඩමන් නායකත්වය දරන ලංකා කම්කරු කොන්ග්රසය හාම්පුතුන් සමඟ වෙනම සාමුහික ගිවිසුමක් අත්සන් කිරීම ද හොර රහසේ සිදු කර ඇති බව අනාවරණය වේ. එම ගිවිසුම අනුව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1,500කට සීමා වේ.
දැනට ගෙවනු ලබන රුපියල් 1,350ට අමතරව තව රුපියල් 150ක් එකතු කිරීමට එකඟ වී සාමුහික ගිවිසුම අත්සන් කර ඇත. එම ගිවිසුම අත්සන් කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජාතික සංවිධායක සී. සත්‍යවේල් අනාවරණය කර ඇතැයි තිනකරන් පුවත්පතේ වාර්තා කර තිබිණි.