රත්නපුරේ රෝහල්වල සී.ටී. ස්කෑන් යන්ත්‍ර කොට උඩ!

0
32

රත්නපුර රෝහල් තුනකසී ටී යන්ත්‍රකොටඋඩරෝගීන් කොළඹට එවන්න වෙලා(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රත්නපුර මහ රෝහලේත් ශික්ෂණ රෝහලේත්

ඇඹිලිපිටිය මහ රෝහලේත් සී.ටී යන්ත්‍ර සියල්ල අකර්මන්‍ය වී ඇති හෙයින් කඩිනමින් මේ යන්ත්‍ර නවීකරණය කර දෙන ලෙස ඉල්ලීමක් කරන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(8) පැවසීය. මොනරාගලින් බදුල්ලෙන් පවා රෝගීන් සීටී වාර්තා ලබා ගැනීමට රෝගීන් යොමු කෙරෙන බවත් රෝගීන් මේ හේතුවෙන් විශාල මුදලක් වැය කර කොළඹට එවීමට සිදුවී ඇති බවත් ඔහු සඳහන් කළේය.කඩිනමින් මේ යන්ත්‍ර නවීකරණය කර දෙන ලෙස තමා ඉල්ලීමක් කරන බවද වලේබොඩ මහතා පැවසීය.ඇඹිලිපිටිය රෝහල මධ්‍යම රෝහලක් බවට පත්කරන බවට නම් කර ඇති නමුත් අද වෙන වින විට මෙය මධ්‍යම රජයේද සබරගමු පළාත් සභාවේද කියන නිශ්චිත නොවීම තුළ උසස් කිරීම මාරු කිරීම් කාර්ය මණ්ඩල පත් කිරීම ගැටළු සහගත තත්ත්වයක් උදාවයි ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.ගාමිණී වලේබොඩ මහතා මෙසේද පැවසීය.ආයුර්වේද පනත අනුව අවසර ලබාගෙන පැළ කළ යුතු පැළ වර්ග 400ක් හඳුන්වාදී තිබෙනවා මේ පැළෑටි සෞඛ්‍ය අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා නම් සිංහල වෙදකමට ගන්නවනම් වෛද්‍ය සභාවේ අනුමැතිය යටතේ තමයි වගා කරන්න වෙලා තියෙන්නේ. එහෙම අවසර නැතුව හැදුවොත් නඩු කියලා අවුරුද්දකට හිරේ යවන්න පුළුවන්. ලක්ෂයක දඩයකට යටත් කරන්නත් පුළුවන්.මේ පනත අනුව ගංජා පුද්ගලික පරිභෝජනයට අවසර නැතුව වගා කරන්න පුළුවන්. වාණිජ අරමුණින් වගා කරන්නේ නම් පමණයි අවසර ගන්න ඕන වෙන්නේ. ඔහු මෙසේ පැවසුවේ වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here