මේ පොලිස් ලොක්කාට දැන් මොකක්ද වෙන්නේ?

0
17

ක්ලබ් වසන්ත ඝාතනයට ඔත්තුව දුන් බව සඳහන් කළ ටැටූ ව්‍යාපාරිකයාගෙන් ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කර පොලිස් නාටකයක් රඟ දැක්වූ නියෝජ්‍ය පොලිස්පති මාරපනට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය කුමක් දැයි නව වටයකින් සාකච්ඡාවක් ඇති වී තිබේ.

මෙම පොලිස් නාටකය රඟ දැක්වූ මාරපනට එරෙහිව කිසිදු විනය පරීක්ෂණයක් හෝ නොකිරීමට දේශබන්දු තෙන්නකෝන් වග බලා ගෙන තිබිණි. පොලිස් කොමිෂන් සභාව පවා එම නිලධාරියා සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස කර තිබූ නිර්දේශය නොතකා හැරීමට තරම් දේශබන්දු තෙන්නකෝන් බලවත් ව සිටියේ ය.

මේ අතර, ක්ලබ් වසන්ත ඝාතනය කළ අපරාධකරුවන් දෙදෙනා රටින් පැන ගොස් ඇති බවත් එම ඝාතනය කංජිපානි ඉම්රාන් විසින් මෙහෙයවන ලද බවට මේ දක්වා කර තිබෙන ප්‍රචාර සහ පාතලයේ බව හඟවමින් සිදු කළ පෝස්ටර් යුද්ධය සම්බන්ධයෙන් ද සමස්තයක් ලෙස එම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ මුල සිට ම ආරම්භ කළ යුතු බව බොහෝ විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here