ඇමති බන්දුල ගුණවර්ධනගේ ATM කාඩ් පතෙන් වංචනික ලෙස මුදල් ලබා ගැනීම් පිළිබඳව දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස පළ කර පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා කර තිබේ.
එහි වැඩි දුරටත් දක්වා ඇත්තේ බන්දුල ගුණවර්ධනගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි මාධ්‍ය ලේකම් මහේෂ් වික්‍රම මෙම මුදල් ලබා ගෙන ඇති බව ය. ඔහු මේ වනවිට සේවයෙන් ඉවත් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකින් පසුව අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා කර තිබේ.
මේ අතර, වෙනත් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළි වන්නේ වග පින්නවල ප්‍රදේශයේ විහාරස්ථානයක තරුණ ජීවිතය ගත කළ එක්තරා තැනැත්තෙකු පසුව දිගින් දිගටම මූල්‍ය අපරාධවලට සම්බන්ධ වී සිටි බව ය. ඔහු මේ වනවිට බන්දුල ගුණවර්ධන සමඟ පිල් පනිමින් දිගටම දේශපාලනයේ යෙදී සිටින බව ද අනාවරණය වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සිදුවීම පිළිබඳව සිදු කරන පරීක්ෂණවල දී වැඩි දුරටත් තොරතුරු අනාවරණය වනු ඇතැයි හෙළි වී තිබේ