පොහොට්ටුවේ අපේක්ෂකයා මේ මස අගදී..

0
66

ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා නම් කිරීම මේ මස අවසානයේදී .-නාමල් රාජපක්ෂ

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු නම් කිරීම මේ මස අවසානයේදී සිදුකරන බව නාමල් රාජපක්ෂ පැවසීය. ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6 අතර කාලයකදී ඔහුව ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බව ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය මගින් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයකු නම් කිරීමට ප්‍රමාද ඇයිද යන්න පිලිබදව සිදු කළ විමසීමකදීය.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ.

කලබලයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති වලට එකග වන ජනාධිපති මැතිවරණයෙන් ජය ගතහැකි අපේක්ෂකයකු මේමස අවසානයේදී නම් කරන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.අපේක්ෂකයකු නම් කිරීමට කිසිදු හදිසියක් නැති බවද නාමල් රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ යාන්ත්‍රණය ඉතා ශක්තිමත් බවත් ජනාධිපතිවරණය කැදවූ පසු සති 4ත් 6ක් ඇතුලතදී එම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි බවත් ඔහු පැවසීය.දැනටමත් තමා ජාතික සංවිධායක ලෙස එන ඕනෑම අපේක්ෂකයකු ජයග්‍රහණය කරවීමට බිම්මට්ටමින් සංවිධාන කටයුතු සාර්ථක ලෙස කරගෙන යන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here