පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ජනපති නොයයි නදීකගේ බිරිඳ යවයි

0
300

මෙවර ඕස්ට්‍රේලියාවට ආසන්න දූපත් රාජ්‍යක් වන සමෝවා හි දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුව සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ආරාධනා කර ඇතත් රුසියාවේ පැවත්වෙන BRICS සමුලුවට මෙන්ම මෙයටත් සහභාගී නොවීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා තීරණය කර ඇති බව වාර්තා විය.

සමෝවා රාජ්‍යට සමීපයේ පිහිටා ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිළධාරීනියක් වන චිත්‍රාංගනී වාගීශ්වර ඉතාමත් අඩු පිරිවැයකින් සහභාගී කරවීමට හැකියාවක් තිබියදී, මිලියන ගනනක් වියදම් කරමින් බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් වරිය සහභාගී කරවා ඇතැයි වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය ලෙස සිටින්නේ ජාතික ජන බලවේගය වේදිකාවේ මුල සිටම සිටි නදීක ගුරුගේ නම් ගායකයාගේ බිරිඳයි..

අඩු වියදමින් චිත්‍රාංගනී වාගීශ්වර සම්බන්ධ කිරීමට ඇති අවස්ථාවක දී, එසේ නොකර ඔවුන්ගේ හිතවතෙකුගේ බිරිඳක් මිලියන ගණනක වියදමක් දරා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී කරවීම පිලිබඳව මේ වන විට සමාජයේ කතිකාවතක් නිර්මාණය වී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here