පාස්කු වාර්තාවේ මේ ආණ්ඩුවේ ඉහල දෙදෙනෙකුගේ නම් තියෙනවා.. ඒක පිලිගන්නෙ නෑ…- අගරදගුරු

0
278

පාස්කු ප්‍රහාරයට අදාළව පරීක්‍ෂණ කිරිමට පසුගිය රජය විසින් පත් කල කමිටු වාර්තා දෙකක් තමන් වෙතද ලබාදී ඇති බව අගරදගුරු මැල්කම රංජිත් කාදිනල්තුමන් පවසති.

නමුත් එම වාර්තා වන්හිද තිබුණේ ඊට පෙර ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශම බවද පැවසූ අගරද ගුරුතුමන් ඊට අමතර නිර්දේශ දෙකක් කමිටුව වාර්තාවට එකතු කර තිබූ බවද සඳහන් කළේය.

වර්තමාන රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් දෙදෙනෙකුට දඬුවම් කළ යුතු බවටම එම නිර්දේශවල දැක්වුනු බවද පැවසූ අගරදගුරුතුමන් පාස්කු ප්‍රහාරය එක් එක් ආණ්ඩුවට වුවමනා ලෙස දේශපාලන වාසි තකා වාර්තා සකස් කර තිබූ බවත් පැවසූහ.

ඒ කිසිවක් පිළිගත නොහැකි බවත් වර්තමාන ජනාධිපතිවරයා අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් ඒ ගැන සිදු කරන බවත් ඒ වෙනුවෙන් දෑස් ද ඇරගෙන බලා සිටින බවද අගරදගුරුතුමන් තවදුරටත් කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here