පාන් දහයකින් අඩු කරයි..

0
130

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල්10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

අනෙකුත් බේකරි නිෂ්පාදන මිල වෙනස් නොවන බව පැවසීය.

ඉන්ධන සහ ගෑස් මිළ අඩුවීමේ සහනය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් පාන් ගෙඩියක මිල සංශෝධනය කර බව පැවසීය.

තිරිඟු පිටි මිළ ඉදිරියේදි අඩුකරහොත් අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සංශෝධනය කිරීමට කටයුතු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here