පාකිස්ථාන මහ කොමසාරිස් , ආරක්‍ෂක ලේකම් හමුවෙයි

0
9

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් මැතිතුමා අද (1) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක සේනා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමුවී තිබෙනවා .

ආරක්‍ෂක ලේකම්වරයා විසින් අද( 1 ) දින පස්වරුවේ සිය කාර්‍යාලය වෙත පැමිණි පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවයේ නියෝජිත පිරිස සුහඳ සාකච්ඡාවක ද නිරත වූ බවයි සඳහන් වන්නේ .

එහිදී, පාකිස්ථාන මහ කොමසාරිස්වරයා විසින් නව ආරක්‍ෂක ලේකම්වරයා වෙත සුබ පැතුම් එක් කළ අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා පාකිස්ථාන රජය සමඟ සමීපව හා සුහදත්වයෙන් කටයුතු කිරීමට තමන් අදහස් කරන බව ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා .

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර සහ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්‍යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් ද මෙම අවස්ථාවට සහභාගි වී තිබෙනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here