නොනිදන සංවධිත රටක් බිහි කරනවා..

0
38

තමන් ජනාධිපති වූ පසු නොනිදන සංවර්ධිත රටක් බිහි කරන බව සමගි ජනබලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනතා කේන්ද්‍රීය පොදුජන රාජ්‍ය සේවයක් තමන් විසින් බිහි කරන බවද හෙතෙම සඳහන් කළේය.

මහනුවර දළදා මාළිගාව වැඳ පුදා ගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසුවේය.

රටේ සම්පත් දේපළ මිල මුදල් සොරා කෑ අයට දඬුවම් කිරීම සඳහා රට තුළ නීති හා ආයතන පද්ධතියක් කඩිනමින් ස්ථාපිත කරන බවත් හෙතෙම එහිදී කීය.

ඒ හරහා රටට රටට අහිමි වූ රාජ්‍ය සම්පත් යළි අත්පත් කර ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනටමත් තමන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් හෙතෙම එහිදී තවදුරටත් සඳහන් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here