“නුවර සැප වාහනවලට මම සම්බන්ධ නම් දේශපාලනයෙන් සමු ගන්නවා”

0
6

මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව තමාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමු ගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (ඔක්. 21) පැවසීය.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ කළුතරදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මහනුවර ප්‍රදේශයේ නිවසක රුපියල් කෝටි හයක් පමණ වටිනාකමකින් යුත් BMW වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් සඟවා තිබී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

වැඩිදුරට ත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

මුලින් ම කිව්වා එම වාහන සම්බන්ධයෙන් මගේ බෑනා කෙනෙක් සම්බන්ධයි කියලා. පසුව කියනවා බෑනාගේ අයියා කෙනෙක් ලු.

මගේ මේ වාහන පිළිබඳ කිසිම සම්බන්ධයක් නෑ. එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා. එපමණක් නොවෙයි මෙවර මහ මැතිවරණයෙන් පවා ඉල්ලා අස් වෙනවා.

මම දේශපාලනයට ආවේ වංචා කරන්න හෝ සොරකම් කරන්න නොවෙයි. නොකළ දේවල්වලට චෝදනා එල්ල කරනවා. මෙහි ඇත්ත සොයන්න කියා ඉල්ලා සිටිනවා. පැහැදිලිව කියන්නේ දේශපාලන මඩ ගහන්න මේවා භාවිත කරන්න එපා. මේ කියන වාහනවලට මම හෝ බෑනාගේ සම්බන්ධයක් නෑ.

වෙන කවුරුන් හෝ වරදක් කළොත් මම පලි ද? මගේ ගෙදරත් ලියාපදිංචි කළ වාහන තියෙනවා. මේ සියල්ල ලියාපදිංචි කළ වාහන. වෙන කෙනෙක් කළ වරදකට මම වගකියන්න ඕන ද? මම වරදක් කර ඇත්නම් ඔප්පු කරන්න කියලා අභියෝග කරනවා.

මේ වනවිට මැතිවරණයක් ක්‍රියාත්මක වෙනවා සෙසු පක්ෂවලට මේ පුවත් ලොකු වාසියක් වෙනවා. මේ මැතිවරණයේදී තියෙන්නේ මනාප තරගයක්. සමහර මාධ්‍ය නඩු අහලා තීන්දුත් දෙනවා.

මම වරාය අමාත්‍ය තනතුරෙන් අස්වුණේ අවුරුදු දෙකකට කලින්. මහින්ද මහත්තයා එක්ක මමත් ඉවත් වෙනවා. අද වනතුරු චෝදනාවක් නෑ. මම සියලු දේවල් සිදු කර ඇත්තේ නීත්‍යනුකූලව.

තව පුවතක් යනවා මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කෙනෙක් එම නිවසේ ඉන්න බව. එහෙම නම් පාර්ලිමේන්තුවේ එම විස්තර තියෙනවා. බොරුවට ආයුෂ නෑ. ඇත්ත ඉක්මනින් එළියට එනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here