දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ මනාප අංක බෙදයි..

0
18

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුලදි මැතිවරණ මනාප අංක සහිත කාඩ්පත් බෙදා හැරිමට උත්සහ කල ප්‍රධාන දේශාපලන පක්ෂයක අපෙක්ෂිකාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කිරිමට ආරක්ෂක අංශ නිලධාරින් (23) දින පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසිය.

2024 මහ මැතිවරණයට අදාල තැපැල් ජන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත යොමු කිරිමේ කටයුතු වල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරින් කටයුතු කරමින් සිටින අවස්තාවේ (23) දින පස්වරුවේ කාර්යාල පරිශ්‍රයට පිවිසි එම අපෙක්ෂිකාව මැතිවරණයට අදාල මනාප අංක සහිත කාඩ්පත් බෙදා හැරිමට උත්සහ කල බවයි තේරිම් භාර නිලධාරිවරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here