තලතා මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වේ.. රනිල්ට තුති පුදයි..

0
114

සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතු කෝරාල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරයි.

පාර්ලිමේන්වේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඇය සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉල්ලා අස්වන බව බව පැවසුවාය.

දේශපාලනෙදි කොතෙක් ඉවත් ඉවසිය යුතුද යන්න ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ඔප්පු කර ඇතැයි ද ඇය එහිදී කියා සිටියාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය පිහිටුවීමට ගත් තීරණයට තමන් විරුද්ධ බවත් සජිත් ප්‍රේමදාස දේශපාලන වශයෙන් සියදිවි නසාගෙන ඇතැයිද ඇය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here