ජේතවනාරාමයේ අකුණු සන්නායකට සොරකම් කිරීමට යෑමේදී,මංජුල පුෂ්පකුමාර අත්අඩංගුවට !

0
133

 කතාව ගැන අද උදෑසන පටන් බොහෝ තැන්වල කතා මතු වුණා..

ඒත් දැන් වෙනකොට සත්‍ය සියල්ල හෙළි වී හමාරයි.. 

ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර බව තහවුරු වී තිබෙනවා.

සිරස සුපර් ස්ටාර් ගායන රියැලිටි වැඩසටහනේ අවසන් වටයට තේරී පත් වුණු මෙම ගායකයා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 03 වැනි දා පස්වරු 12.40ට පමණ උඩමළුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.

ඔහු සමග තවත් සැකකරුවන් සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පිරිස ඊයේ (04) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවයි උඩමළුව පොලිසිය හිරු නිවුස් වෙත සඳහන් කළේ.

මේ අතර අද පෙරවරුවේ හිරු නිවුස් වෙබ් අඩවිය ඇතුළු මාධ්‍ය එම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කළ අතර අනතුරුව ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවීව ප්‍රකාශ කළේ, තමා එවන් සිදුවීමකට සම්බන්ධ නැති බවත් තමා සිය නිවෙසේ සිටින බවයි.

කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේත්, අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදා හැරුණේත් සිරස සුපර් ස්ටාර් ගායන රියැලිටි තරගයේ අවසන් වටයට තේරී පත් වූ මැදවල ලේකම්ලාගේ මංජුල පුෂ්පකුමාර දයාරත්න නොහොත් මංජුල පුෂ්පකුමාර ම බව තහවුරු වී තිබෙනවා.

Hiru news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here