ඔක්තෝබර් මස 24 වැනි දා සිට 26 වන දක්වා සැමෝවාහි දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති අනුර දිසානායක මහතා සහභාගී නොවේ.
ඒ අනුව එම සමුළුව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිතය.
ඒ අතරට ජාතික ජන බලවේගයේ ක්‍රියාකරුවෙකු ලෙස පෙනී සිටින නදීක ගුරුගේගේ බිරිඳද අයත් ය.
මීට අමතරව බ්‍රසීලය,ඉන්දියාව,රුසියාව,දකුණු අප්‍රිකාව,චීනය ප්‍රධාන කොට තැනනු බ්‍රික්ස් ජාත්‍යන්තර සමුළුව සඳහාද ජනාධිපති අනුර දිසානායක මහතා හට ආරාධනා ලැබී ඇති අතර ඒ මහතා එම සමුළුවටත් සහභාගී නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පසු ගිය දා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව මේ ආකාරයට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උළෙලට සහ බ්‍රික්ස් සමුළුවට මෙරට නියෝජනය කරමින් රාජ්‍ය නායකත්වය සහභාගි නොවුනු ඇතියි.