ජනාධිපතිවරණයට මුදල් හොයන්න හිල්ටන් හෝටලය විකුණන්නයි හදන්නේ…

0
17

ඉදිරි ජනාධිපතිවරණයට මුදල් සෙවීම සඳහා රජයේ දේපල කුණු කොල්ලයට විකිණීමේ ජාවාරමක් ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, දූෂණ විරෝධී හඬ සන්ධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක පවතින කාමර 300කින් යුත් හිල්ටන් හෝටලය එලෙස විකිණීමට කටයුතු කරමින් ඇති බවද හෙතෙම කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සමරසිංහ මහතා මෙම අදහස් පළ කරන ලදී.

ඩොලර් මිලියන 15 ක් වැයකර හිල්ටන් හෝටලය තරු හතේ හෝටලයක් ලෙස සංවර්ධනය කර ඇති බවත් පසුගිය වසරේදී ඩොලර් මිලියන 124කට විකිණීමට තක්සේරු කර තිබියදී මෑතකදී එය නැවත තක්සේරු කර ඩොලර් මිලියන පනස් පහයි දශම පහකට නැවත තක්සේරු කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

දැන් අලෙවි කිරීමට යන්නේ ඩොලර් මිලියන හතළිස් එකයි දශම පහකට එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 12,300ක් පමණ බවද ඔහු කියයි.

මෙම හෝටලය මිලදී ගැනීම සඳහා රටට නිසි ලෙස බදු නොගෙවූ අයෙක්ට අවස්ථාව ලබාදීමට යන බවත් මේ ආකාරයෙන්ම මහනුවර බෝගම්බර බන්ධනාගාර භූමිය හිල්ටන් හෝටලයක් ඉදිකිරීම සඳහා විකිණීමට උත්සාහ කරන බවත් මෙම ගනුදෙනු හරහා මැතිවරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට උත්සාහ දරන බවට පෙනී යන බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here