ආරුගම්බේ සිද්ධිය පදනම් කරගනිමින් පසුගිය දින රටේ හදිසිය ආරක්ෂක තත්ත්වයක් ඇතිවූ බවත් ජනපති යන දිසානායක මහතා රටින් බැහැරව සිටියේ නම් එම බුද්ධි තොරතුරු ලබා ගැනීමට නොහැකි වනු ඇති බවත් විජිත හේරත් මහතා අද දින කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය..
අද දින රජයේ ප්‍රවෘත් දෙත්පාිර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.ජනාධිපතිවරයාට මෙරට රුසියානු තානාපතිවරයා විසින් පැමිණ එරට ජනාධිපති පුටින් මහතා සිදුකළ ආරාධනයට අනුව බ්‍රික්ස් සමුළුව සඳහා සහභාගී වන ලෙසට ආරාධනා කර තිබුනි.
කෙසේ වෙතත් මෙම සමුළුවට ජනපති අනුර දිසානායක මහතාට සභාගී වීමට නොහැකි වූයේ ඊශ්‍රායල් ජාතිකයන් සම්බන්ධයෙන් ලැබුන තොරතුර සහ මැතිවරණ කාලසීමාවක් වූ බැවින් බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
මෙවැනි වාතාවරණයකදී රට තුල ඇතිවන හදිසි තත්වයකදී ජනාධිපතිවරයා රටතුල සිටීම හේතුවක් වූ බවට විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ බ්‍රික්ස් සමුලුවට ජනාධිපති අගමැති නොගියද නිලධාරීන් කිහිප දෙනෙකු ඒ සදහා සහභාගී වූ බවයි.