ඡන්දෙට කලින් ප‍්‍රතිඵල එයි.. මාතලේ සමග ප‍්‍රමිත පොහොට්ටුව අතැර රනිල්ට එක්වෙයි..

0
23

තීරණාත්මක අවස්ථාවේ රට බේරාගැනීමට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ලබාදෙන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් තෙන්නකෝන් මහතා මේබව සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය කුමන තීන්දුවක් ගත්තද තමා මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ සිටින බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කළත්, තමන්ට එය වැදගත් නොවන බවත් රට ඉතාම තීරණාත්මක අවස්ථාව්වෙදී බේරාගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඉදිරි ජනාධිපතිවරණයේදීත් සහයෝගය දක්වන බව රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල X ගිණුමේ සටහන තබමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට (29දා) තීරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සඳහා පසුගියදා ගාල්ලේදී පැවති රැළියටද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහභාගී විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here