කටුනායක ගුවන්තොටුපලේදී ස්වංක්‍රීය මුහුණ හදුනාගැනීමේ පද්ධතියට හොරණ ඝාතකයා කොටුවෙයි!

0
98

හොරණ වෙඩික්කරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගැනීමේ පද්ධතියට (AFRS) කොටු

……2024.05.05 වන දින පැය 11.00 ට පමණ හොරණ පොලිස් වසමේ බේස්ලයින් වත්ත ප්‍රදේශයේදී ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ හොරණ ප්‍රදේශයේ පදිංචි වල්පිටගේ දොන් සංජය අසන්ත යන අයට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගෙන ගැනීමේ පද්ධතිය (Automated Facial recognize system – AFRS) මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මෙම වෙඩිතැබීම දෙපාර්ශවය අතර දිර්ඝ කාලයක සිට පැවැති ආරවුලක් මත සිදුකර ඇති බවට මේවනවිට අනාවරණය වී ඇත.අත්අඩංගුවට ගත් සැකකරු වන 48/F, හොරකැටිය, හොරණ ලිපිනයේ පදිංචි ගොඩැල්ලගේ අෂේන් ජනිත් කුමාර (අවු.31) වේ.එසේම, වෙඩිතැබීමට පැමිණි යතුරු පැදිය හොරණ පොලිස් වසමේදී වි⁣ශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here