ඇමැතිට විරෝධය පා ලේක්හවුස් දෙවැනි කර්තෘත් ඉල්ලා අස්වේ

0
36

විෂය භාර ඇමතිවරයාගේ අනිසි මැදිහත් වීම් මත කලකිරීමට පත්ව Sunday Observer කර්තෘ ප්‍රමෝද් සිල්වා මහතා සිය කර්තෘ ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සෑම අගහරුවාදා දිනකම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීම පැය තුනකට අධික කාලයක් පැවැත්වීම, එම රැස්වීම නියමිත වේලාවට ආරම්භ නොකිරීම සහ සන්ධ්‍යාව වන තෙක් පැවැත්වීම ද කර්තෘවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

අමාත්‍යවරයාගේ නම භාවිතා කරන සෑම අවස්ථාවකම ආචාර්ය ලෙස භාවිතා කිරීම රාජ්‍ය මාධ්‍ය සදහා අනිවාර්ය කර තිබේ.

එසේම සියලු රාජ්‍ය මාධ්‍ය ඔහුගේ පුවත් දෙකක් හෝ අවමැ වශයෙන් ප්‍රචාරය කළ යුතු බවට ද දන්වා ඇත.

විපක්ෂය ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට සහ සිය පුවත්පතේ විශේෂාංග රාශියක් ආරම්භ කිරීමට එරෙහිව ප්‍රමෝද් සිල්වා මහතා මෙම තීරණය ගෙන ඇති බවත් වාර්තා වෙයි.

මිට පෙර ද අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පාමින් DAILY NEWS පුවත්පතේ කර්තෘ ජයන්ත ශ්‍රී නිශ්සංක මහතා සේවය අතහැර විදේශ ගත වියග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here