ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරඟාවලියේ අවසන් පූර්ව තරඟ අද

0
23

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ අද පැවැත්වෙනවා.

අපරාජිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟ වදින්නේ පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගයි.

එම තරඟය දඹුල්ල ක්‍රීඩාංගනයේදී රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර අවසන් පූර්ව වටයේ අනෙක් තරඟය පැවැත්වෙනවා.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමද අවසන් පූර්ව වටයේ තරඟයට අද පිවිසෙන්නේ පැවති තරඟ තුනම ජය ගනිමින්.

එම තරඟය දඹුල්ල ක්‍රීඩාංගනයේදී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here