ආණ්ඩුව ගේන්න යන සමරිසි පනත් කෙටුම්පත සම්මත කිරීමට දැඩිව විරෝධ

0
16

සමරිසි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට සිය බලවත් විරෝධය සහ අප්‍රසාදය පළ කරන බව දන්වා ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ස්වකීය අත්සනින් යුතු සිය ලිඛිත විරෝධය නිවේදනයක් වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර තිබේ.Sri

උන්වහන්සේලා පෙන්වා දෙන්නේ මෙරට චිරාගත සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳබව නොසලකා ඉතාම සුළු පිරිසකගේ අවිචාරවත් අවශ්‍යතාවයන් පූරණය කරගැනීමේ පටු පරමාර්ථයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පසුගිය දිනෙක මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුන බවය.

එම සමරිසි පනත් කෙටුම්පත සමස්ථ සමාජ දේහයම විකෘති කිරීමට මෙන්ම සාරධර්ම පරිහානියට හේතුවන්නක් බව තමන් වහන්සේලා තරමේය අවධාරණය කරන බව මහා නායක හිමිවරු පවසති.

එම සමරිසි පනත් කෙටුම්පත සමස්ථ සමාජ දේහයම විකෘති කිරීමට මෙන්ම සාරධර්ම පරිහානියට හේතුවන්නක් බව තමන් වහන්සේලා තරමේය අවධාරණය කරන බව මහා නායක හිමිවරු පවසති.

පටු අරමුණු සහිතව ඉදිරිපත්වුන මෙවැනි පනත් කෙටුම්පත් මගින් සිදුවන්නේ පවුල් සංස්ථාව බිඳ දැමීමත්, සමාජ සංස්ථාවන් තුළ අසමතුළිතතාවයක් නිර්මාණය කිරීමත්, එහි අතුරු ඵලයක් ලෙස සමාජ සුරක්ෂාව දැඩි තර්ජනයකට ලක්වීමත් බව නාහිමිවරු දන්වා සිටිති.

උන්වහන්සේලා පවසන්නේ මව, පියා වැනි උත්තරීතර සමාජ සංකල්ප බිඳ වැටීමට තුඩු දෙන මෙවැනි නීති සම්මත කිරීම සමාජ පරිහාණියට හේතුවන බව මහජන නියෝජිතයන් අවබෝධ කොට නොගැනීම වර්තමාන ලාංකේය දේශපාලන ප්‍රවාහයන්ගේ අන්ධානුකරණය ගති ලක්ෂණ හා මෙරට සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳව පවතින අනවබෝධයේ ප්‍රමාණය මනාව ප්‍රදර්ශනය වන බවය.

මෙවැනි සදාචාරාත්මක පරිහානියකට ඇද දමන පුද්ගලයාගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය මෙන්ම අධ්‍යාත්මික පරිහානියකට ඍජු හේතුවන අගතිකාරී. සමාජ පරිහානියට තුඩු දෙන කෙටුම්පතක් සම්මත කිරීමට රජය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් උත්සාහ දරන්නේ නම් ඒ පිළිබඳ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ලෙස තමන්වහන්සේලා ගේ බලවත් අප්‍රසාදය සහ විරෝධය පල කර සිටින බවත්, එය මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් විසින් මෙරට සංස්කෘතික හරපද්ධතියට කරන බලවත්ම හානියක් ලෙස සංවේගයෙන් යුතුව අවධාරණය කරන බවත් දන්වා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here