අනුරගේ ප්‍රතිපත්ති එක්ක රටක් හදන්න බෑ.. රැල්ලට යන්න එපා.. රනිල්ට විතරයි පුලුවන්.. අරගල නායක පැතුම් කනර් රනිල්ට සහය දෙයි

0
70

ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති සමඟ රටතුළ සුබවාදී වෙනසක් සිදුකළ නොහැකි බව ජාතික හරිත පෙරමුණේ සභාපති වෛද්‍ය පැතුම් කර්නර් ප්‍රකාශ කර තිබෙනවා.

යුටියුබ් නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළකර තිබේ. මේ සම්බන්ධයෙන් විස්තර කරමින් වෛද්‍ය පැතුම් කර්නර් වැඩිදුරටත් මෙසේ පවසනවා,

“පසුගිය වසර දෙක තුළ වත්මන් ජනාධිපතිතුමා ආර්ථික අර්බුදය කළමණාකරනය කරගැනීම ප්‍රසංසනීයයි. රටේ දේශපාලනික අස්ථාවරත්වය සෑහෙම දුරකට කළමණාකරනය කරගන්න ප්‍රතිසංස්කරණය කරගන්න ඔහුගේ අත්දැකීම් සමඟ ඔහුට පුළුවන් උනා. ඒක අගය කළ යුතු දෙයන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා අපිට මතක හිටින්න කියපු දෙයක් නැහැ. විෂන් එකක් නැහැ. රටට කරපු ප්‍රතිපතිතිමය බලපෑමක් නැහැ. ඔහු ඇමති කෙනෙක් විදිහට කටයුතු කළේ කිසිම ඉදිරිගාමි තත්වයකින් නෙවෙයි. රාජ්‍ය පාරිපාලනය ඔහුට නිවැරදිව කළ හැකි තත්වයක ඉන්නවාද කියන ප්‍රශ්නය තිබෙනවා.

ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායකට ලොකු රැල්ලක් තියෙනවා කියලා පේන්න තියෙනවා. මේවෙලාවේ රැල්ල තියෙන්නේ ඔවුන්ට . ඒ රැල්ල විනාශකාරී තත්වයක් හදලා තියෙනවා. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පැරණි වාමාංශික අදහස් වලින් . ඔවුන් රට කළමණාකරනය කළොත් වෙන්නේ වැරදි පැත්තකට රට යන එක. වෛද්‍ය ක්ෂේත්‍රයේ උදාහරණයකින් කිව්වොත් ලෙඩෙකුට බඩගිනිවෙලා ලෙඩා රෝගී වෙලා මැරෙන්න යනවානම් අපි තවදුරටත් ලෙඩාට විරේක බෙහෙත් පොවන්නේ නැහැනේ තව ටිකක් මැරිලායන්න කියලා. මේවෙලාවේ ජාතික ජනබල වේගය යෝජනා කරන ප්‍රතිපත්ති ගේනවා කියන්නේ බඩ ගිහින් මැරෙන්න හදන ලෙඩාට විරේක බෙහෙත් පෙව්වා වගේ වැඩක්. ඒ නිසා ඔවුන් ජයග්‍රහණය කිරීමෙන් අර්බුදයක් දකිනවා. ඔවුන්ට වෙනසක් කරන්න පුළුවන් වෙයි . නමුත් ඒ වෙනස තිබුණ සිට්ටම් එක තරම් වෙනසක් වෙන්නේ නැහැ. තිබුණට වඩා අවුල් සහගත වෙනසක් තමා වෙන්නේ. රට ඉදිරියට යන්න පුළුවන් වෙනසක් වෙන්නේ නැහැ” යැයි සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here