අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

0
26

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් අද (02) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

එමෙන්ම බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here