හිරවෙන ප‍්‍රශ්ණ ඇහුවා කියා මාලිමාව මාධ්‍ය වාරණයක..

0
16

ජාතික ජන බලවේගය මේ වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් මෙන්ම අන්තර්ජාල මාධ්‍ය රැසක්ද මඟ හරිමින් කටයුතු කරමින් සිටින බවට අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ වාර්තා කරයි.

ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය කිහිපයක් සිතා මතා ජාතික ජනබලවේගයට පහර දෙමින් සිටින බවත් ඔවුන් සැලසුම් සහගතව තම පක්ෂය අපහසුතාවයට පත් කරන බවත් මේ හේතුවෙන් එම මාධ්‍ය සමඟ සංවාද වැඩසටහන් සඳහා සම්බන්ධ නොවිය යුතු බවට එම පක්ෂය තීරණය කර ඇති බව එහි කියයි.

මීට අමතරව එම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න කළ සහ එම සංවාද හේතුවෙන් ඔවුන් බරපතල පරස්පරතාවන්ට මුහුණ දුන් අන්තර්ජාල නාලිකා කිහිපයක් සමඟ ද සංවාද සඳහා සහභාගී නොවිය යුතුය යන ස්ථාවරයට එම පක්ෂයේ තීරණයකට එළඹ ඇති බවත් එමගින් හෙලි කරයි.

ඒ අනුව ඔවුන්ට පක්ෂපාතී ව අදහස් දරන අන්තර්ජාල නාලිකා පමණක් තෝරාගනිමින් සංවාද සදහා සහභාගී විය යුතු බවට අදහසක් එම පක්ෂය ඒකකය තුළ පවතින බව සදහන්ය.

මෙම තත්වය සමඟ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු සඳහන් කර තිබෙන්නේ මාධ්‍යවේදීන් අසන ප්‍රශ්න වලට තාර්කික නිවැරදි පිළිතුරු ලබා දීමට පක්ෂ ක්‍රියාකාරීන් සමත් විය යුතු බව යයිද තව දුරටත් වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here