සිසුවියන් 12කට පහර දුන්නැයි කන්‍යා සොයුරිය රිමාන්ඩ්

0
25

පසුගිය දින කිහිපය පුරාවට ආන්දෝලනයට තුඩු දුන් නුවරඑළිය යහපත් එඬේරාගේ බාලිකා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් 12 දෙනකුට පහරදීමේ සිදුවීම සම්බන්ධව චෝදනාව එල්ල වූ විදුහල්පති කන්‍යා සොයුරිය ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී නියෝග කළාය.

එමෙන්ම එදිනට දරුවන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධව වැඩිදුර විමර්ශන වාර්තාව සහ කන්‍යා සොයුරියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසටද බලධාරීන් වෙත නියෝග කරනු ලැබීය.

එම පහරදීමේ සිදුවීම සම්බන්ධව චෝදනාව එල්ල වූ විදුහල්පති කන්‍යා සොයුරිය ඊයේ (15 වැනිදා) උදෑසන සහෝදර කන්‍යා සොහොයුරියන් පියතුමන්ලා ඇතුළු ගුරුවරුන් පිරිසක් පිරිවරාගෙන නුවරඑළිය පොලිසියට ඉදිරිපත් වී තිබිණි.

එලෙස ඇය ඉදිරිපත් වී ඇත්තේ පහර කෑමට ලක්වූ එක් සිසුවියක් දින හතරක් පුරාවට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පසුබිමක අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු විදුහල්පතිවරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත්වරිය විසින් ලබාදුන් නියෝගයෙන් පසුවය.

විදුහල්පතිවරිය නුවරඑළිය පොලිසියට ඊයේ (15 වැනිදා) ඉදිරිපත් වීමෙන් අනතුරුව කරුණු සටහන් කරගැනීමෙන් පසුව පොලිස් රථයකින් දැඩි ආරක්ෂාවක් සමග අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here