සහනාධාර පොහොර අවභාවිත කළ ලොක්කන් අල්ලන්න විමර්ශන අරඹයි

0
36

රජයේ සහනාධාර පොහොර අවභාවිත කරන ලදැයි ප්‍රධාන පොහොර සමාගම් 5 ක සහ එම සමාගම්වල අතරමැදි ආයතන 8 ක ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (10 වැනිදා) දැනුම් දුන්නේය.

2018 වසරේ සිට 2020 අතර කාලය තුළදී රජයේ සහනාධාර පොහොර ගොවීන්ට ලබානොදී කර්මාන්ත සඳහා යොදවමින් අවභාවිතයක් සිදුකර ඇතැයි අනාවරණය වී ඇති එම ප්‍රධාන පොහොර සමාගම් පහ සහ එම සමාගම්වල අතරමැදි ආයතන අටෙහි ප්‍රධානීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා විසින් 2020 ජූලි 7 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයන් පැවැත්වූ දීර්ඝ විමර්ශනයක ප්‍රගතිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඊයේ (10 වැනිදා) දැනුම් දෙමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කරුණු හෙළි කළේය.

මෙම සිද්ධියට අදාළව ප්‍රධාන පොහොර සමාගම් 18 ක ප්‍රධානීන්ගෙන් සහ නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව දන්වා සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහිදී රජයේ සහනාධාර පොහොර සමාගම් 5 ක් විසින් අවභාවිත කර තිබෙන බව අනාවරණය කරගත්තේ යැයිද දන්වා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here