සර්වජන බලය කොයිබටද?

0
87

සර්වජන බලය කොයිබටද ?

“සර්වජන බලය” මැයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් එක්ව පිහිටවූ නව දේශපාලන ව්‍යාපාරය පිලිබදව සමස්ත රටේම කතාබහක් ඇතිවී හමාරයි.


මෙරට දේශපාලන කරලියේ විටින් විට විවිධ දේශපාලනික සංධාන ඇති වුවත් ඊයේ අත්සන් තැබුන “සර්වජන බලය” සම්මුතිය හරහා ජාතිකවාදී රටට මිතුරු ජනතාවාදි පාලනයක් වෙනුවෙන් කැපවන සහ ප්‍රායෝගිකව එය ඔප්පු කොට පිරිසක් එකට එක්ව ඇත.


ප්‍රධානතම කාරනාවනම් 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සදහා තීරනාත්මක කැපවීමක් සිදු කල සහ ජාතිකවාදී මාවතක් වෙනුවෙන් මතවාදීව සිය කැපවීම සනිටුහන් කල විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර,ගෙවිදු කුමාරතුංග,චන්න ජයසුමන වැන්නවුන් නියෝජනය කරන දේශපාලන බලවේග සියල්ල මේ සමග එක්ව ඇත. එනම් එදා ගෝඨාභය ජනාධිපති කරන්නට දිනන චන්ද ටික රැස්කල කන්ඩායම එක මිටට එක්වී ඇත.


මේ කන්ඩායම දුටු සැනින් සමහරුන් චෝදනා කරන්නේ මෙය අලුත් බලවේගයක් නොව සුපුරුදු පරිදිම රාජපක්ෂලාට කඩේ යන මැදමුලනේ ගැත්තන් පිරිසක් එක්වී ඇති බවටයි. නමුත් ඇත්ත කතාව “සර්වජන බලය” සමග එක්ව ඇති සියලු බලවේග පොහොට්ටුවට හෝ රාජපක්ෂලාට කඩේ යාම පසෙක තබා රට වෙනුවෙන් නව ගමනක් යන්නට සහ පොහොට්ටු ආන්ඩුව සිය ජයග්‍රහනයට භාවිතා කරමින් පසුව පයින් ගැසූ ජාතිකවාදී මාවත යලි පනගන්වමින් දේශය සහ ජනතාව යලි නගාසිටුවන්නට උත්සාහ කරනා කන්ඩායම එකට එක් වීමකි.


සතුට පිරුණු දැයක් වෙනුවෙන් සියලු දෙනා නව මාවතක් සොයා යන මොහොතේ නිවැරැදි මාවතක් වෙනුවෙන් “සර්වජන බලය” මෙහෙයවීම මහජනතාව සතු වගකීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here