විදුලි මිල සංශෝධන යෝජනා මිල සූත්‍රයට අනුකූල නෑ -PUCSL

0
22

මීළඟ මිල සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනා මිල සූත්‍රයට අනුකූල නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව නව යෝජනා සකස් කර ලබන අට වැනිදාට ප්‍රථම යොමු කරන ලෙස කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇත. මීළඟ මිල සංශෝධනය සඳහා වූ යෝජනාවලිය සකස් කර ලංකා විදුලිබල මණ්ඩලය කොමිෂන් සභාව වෙත යෝජනාවලිය ​යොමු කළේ පසුගිය ඔක්තෝබර් මස 24 වැනිදාය.

එම යෝජනාවලිය අධ්‍යයනය කිරීමෙන් පසු කොමිෂන් සභාව තීන්දු කර ඇත්තේ එහි අඩුපාඩු රැසක් ඇති බවය. ඒ අනුව ලබන අටවැනිදාට ප්‍රථම ඉදිරිපත් කරන යෝජනාවලියේ පවතින වාසි තත්ත්වය මත විදුලිය ජනනය කිරීමේ කටයුතු පිළිබඳවද අවධානය යොමු කිරීමට කොමිෂන් සභාව තීන්දු කර ඇත. වාර්ෂිකව විදුලි ගාස්තු සංශෝධන හතරක් සිදු කිරීමට පැවැති ආණ්ඩුව තීන්දු කර තිබිණි. ඒ අනුව මෙම වසර සඳහා මිල ගණන් සංශෝධන දෙවරක් සිදුකර ඇත. මෙවර සංශෝධනයේදි 06% ක ගාස්තු අඩු කිරීමට මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here