ඉදිරි දින කිහිපය ඇතුළත අමාත්‍යංශ ලේකම්වරු කිහිප දෙනෙක්ම ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
සිය අමාත්‍යංශ බාර ඇමැතිවරුන් නිරන්තරයෙන්ම සිදුකරන අනිසි අතපෙවීම් සහ බලපෑම් හේතුකොටගෙන මෙම තත්ත්වය මතුව ඇති බව දැනගන්නට ඇත.
පසුගිය සතියේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති අතළුවගේ මහතා එසේ ඉල්ලා අස්වීමට කටයුතු කළ අතර අද දින රජයේ පුවත්පතක් වූ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘවරයා සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කොට තිබිණ.