වැඩිකළ පොහොර සහනාධාරය ලබන සඳුදා සිට

0
37

වී ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම එළැඹෙන සඳුදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු ඒ බව සඳහන් කළේය.

“මේ මහ කන්නය අරම්භ වෙන්නේ. ලබන සතියේ සඳුදා වෙනකොට අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට මේ පොහොර සහනාධාරය… වැඩි කරපු එක ලබාදෙන්න කටයුතු කරනවා. ඊට පස්සේ පොළොන්නරුව, අනුරාධපුර, ඒ වගේම මහියංගනය, මහවැලි කලාපවල ගොවිජනතාවට ක්‍රමාණුකූලව මෙය ලබාදෙන්න කටයුතුකරවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here