ඔක්තෝබර් මාසයේ වාහන ආනයන කිරීමට අවස්ථාව ලැබෙන බව මීට පෙර රජය පැවසුවත් මේ වන විට ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් නැතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මාධ්‍ය හමුවකදී ඊයේ (ඔක්. 8) පැවසීය.
ඔක්තෝබර් 1 සිට බස් හා ලොරි රථ ආනයනය කිරීමට ඉඩ දෙන බවට රාවයක් යන නමුත් එවැනි කිසිදු චක්‍රලේඛයක් හෝ කිසිදු පිළිගත හැකි ලියවිල්ලක් රජයේ ආයතනයකින් ආනයන පාලක හෝ බැංකු වෙත යවා ඇති බවක් තහවුරු වී නැතැයි ඔහු කීවේ ය.
වාහන ආනයනය කිරීමට වර්තමාන රජය කිසිදු තීන්දුවක් ගෙන නැති බව රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් තම සංගමයට දැනගැනීමට හැකි වූ බව ත් ඔහු පැවසීය.
මීට පෙර 2020 වාහන ආනයන කළ කාලයේ වූ මිලට නැවත වාහන ආනයන කිරීමට හැකි බවක් විශ්වාස කළ නොහැකි යැයි ද ඒ මහතා පැවසීය.
මේ අනුව, වාහන ආනයන කළත් මිල ගණන්වල විශාල පහත යෑමක් නොවනු ඇති බව ඔහු කීය.
පසුගිය 2020 ට වඩා රුපියලට සාපේක්ෂව ඩොලරය සියයට 80කින් පමණ අතිප්‍රමාණය වීම මීට හේතුව බව ඔහු පැවසීය