වසර 142කට පසු බ්‍රිතාන්‍ය ගල් අඟුරු විදුලි නිෂ්පාදනය නවතා දමයි

0
123

ගල්අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දමමින් වසර 142ක පොසිල ඉන්ධන මත යැපුණු යුගය අවසන් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 1967දී ආරම්භ කළ රැට්ක්ලිෆ් හි පිහිටි එරට අවසන් ගල්අඟුරු විදුලි බලාගාරයේ මෙහෙයුම් පසුගියදා නිමාවට පත් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ගල් අඟුරු විදුලිබල නිෂ්පාදනය ආරම්භ කළ ලොව පළමු රට ද බ්‍රිතාන්‍ය වන අතර, ඒ සමඟම ලොව විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන රටවල් අතුරින් ගල් අඟුරු විදුලි නිෂ්පාදනයෙන් ඉවත් වූ පළමු රට බවට ද බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අපිරිසුදුම පොසිල ඉන්ධනය වන ගල් අඟුරු දහනය වීමෙන් ලොව පුරා දේශගුණික විපර්යාස ව්‍යාප්තවී ඇති යුගයක බ්‍රිතාන්‍යය මේ පියවර ගෙන ඇත්තේ දේශගුණික විපර්යාස සඳහා දායකත්වය අවම කිරීමේ අරමුණ ඇතිව බව ද වාර්තා වේ. විදුලි බුබුළේ නිර්මාතෘ තෝමස් අල්වා එඩිසන්ගේ ‘එඩිසන් ඉලෙක්ට්‍රික් ලයිට්‘ සමාගම විසින් 1882දී ලන්ඩන් නුවර ආරම්භ කරනු ලැබූ හොල්බෝන් වියඩක්ට් විදුලිබලාගාරය ලොව පළමු ගල් අඟුරු විදුලි බලාගාරය ලෙස වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here