ලෝක මධ්‍යසාර නිවාරණ දිනය අදයි

0
27

ලෝක මධ්‍යසාර නිවාරණ දිනය අදට (03) යෙදී තිබේ.

මධ්‍යසාර හේතුවෙන් ලොව පුරා වසරකට පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් මිය යන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ද මධ්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය යන අතර රෝගීවූවන් වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් බිලියන 237ක මුදලක් වැය කරන බව සඳහන්ය. 

මෙරට මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සෙරම් මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here