රනිල්ගේ ෆොටෝ පෙන්වමින් කප්පම් එකතු කරන කප්පමා මෙන්න!

0
58

කුරුදුවත්ත පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ඇලෙක්සැන්ඩ්‍රාි පෙදෙස ඉන්ධන පිරවුම්හල් සේවකයින්ගෙන් කප්පම් ලබාගත් සෙල්ටෙල් රවී නැමැත්තා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ගත් ඡායාරූපයක් පෙන්වමින් කප්පම් ලබාගැනීම සිදුකරන බවට පොලිසිය අනාවරණය කරගැනීමෙන් පසු විමර්ශන අරඹා තිබේ.

ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ගෙන් රුපියල් පනස් දහසක කප්පම් ලබාගත් මොහු කුරුදුවත්ත පොලිසිය නිදහස් කලේද බලපෑම් මතය. කිසිදු රැකියාවක් නොකරන සෙල්ටෙල් රවී ජනාධිපතිවරයාගේ, විනිසුරුවරුන්ගේ සහ උසස් පොලිස් නිලධාරීන්ගේ නම් විකුණමින් කප්පම් ලබාගැනීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක්ම ලැබී ඇත.
වාණිජ බැංකුවලට පොලු තැබීම, මිනිස් ජාවාරම් සිදුකරන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන ජාතික පොලිස් කොමිෂමටද පැමිණිලි කිරීමට සැලසුම් කර තිබේ. ඊට ආසන්න හේතුව වන්නේ කුරුදුවත්ත පොලිසිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන කප්පම්කරුවකු නිදහස් කිරීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here