රනිල්ගේ වංචා දුෂන ෆයිල් හතරක් අපි ලග.. අනුර ජනාධිපති වෙනවාට බයෙන් ඉන්නේ..

0
72

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ට අත්වන අන්ත පරාජය හමුවේ විවිධ ක්‍රම භාවිතා කරමින් ජනාධිපතිවරණය නොපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටියද නියත වශයෙන්ම ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය කරමින් තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයගන්නා බව ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

අන්තර්ජාලය නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරනලද වංචා සහ දූෂණයන්ට අදාළ ලිපිගොනු හතරක් තම පක්ෂය සතුව ඇති බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති වසන්ත සමරසිංහ මහතා සඳහන් කර ඇත.

ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව සම්මත කිරීම සඳහා ඇතැම් විටෙක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන අලි බාගයේ කණ්ඩායම දායක වුවහොත් ඔවුන් සියලු දෙනා එකට තබා පරාජය කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බවද ඔහු කියා සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here