රථ වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

0
20

රථ වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතිබව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසනවා.

අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් මෙලෙස අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර අදාළ ගෙවීම් සඳහා කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිත බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසයි.

එම කටයුතු ලබන සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන බවත්, අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවත් පවසන කොමසාරිස් ජෙනරාල්වරයා, එම කාලසීමාව තුළ පත්‍රිකාවක මුද්‍රණය කොට ලියාපදිංචි වාහන අංකය ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට තාවකාලික අවසරයක් දී ඇතිබව ද වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here