මේ රටේ කාන්තාවන් ජනාධිපතිතුමාව ජයග්‍රහණය කරා ගෙනියනවා – SLPP මන්ත්‍රිනී කෝකිලා

0
33

මෙරට කාන්තාවන් විසින් ස්ථිර වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජයග්‍රහණය කරා ගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසයි.

බහුතර ඡන්දදායකයින් ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන් බැවින් ජනාධිපතිවරණයේදී මේ රටේ කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරා ගෙන යන බවයි ඇය අවධාරණය කරන්නේ.

වැටිච්ච රටක හීන ලෝකයක් මවනවා මෙන් එක වරම ගොඩගැනීමට නොහැකි බවද ඇය පවසයි.

”එදා පොහොර සහනාධාරය නැති කරනකොට අපි ඒවා ගැන කතා කළා. හැබැයි එතුමා ගාව හිටිය ගොඩහේවා වගේ කණ්ඩායම් ඒවා විශ්වාස කළේ නැහැ. අද සජිත් ප්‍රේමදාස මහත්තයටත් ඒ ආර්ථික උපදේශයම ලැබෙනවා. අපිට විශ්වාසයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා ආවම ඊළඟට රටට මොකද වෙන්නේ කියල බලාගන්න පුළුවන්. පරිණත නායකයෙක්ට ඇරෙන්න මේ දේශපාලනය කරන්න බැහැ. අපි විශ්වාස කරනවා මොන විදිහට මඩ ගහන්න හැදුවත් රබර් බෝලයක් වතුරේ ඔබනවා වගේ තමයි අනිවාර්යයෙන්ම මේ මැතිවරණයේදීත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය කාන්තාවන් විසින් ස්ථිර වශයෙන්ම ගෙනියනවයි කියන කාරණය මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.” යනුවෙන් මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියාසිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here