මෙවර අවුරුදු සමයේ අපරාධවල අඩුවීමක්!

0
54

අළුත් අවුරුදු සමයේ අපරාධ අඩුවෙලා. පොලිස් වාර්තාවකින් හෙළිවේ……2023 වර්ෂයේ සිංහල අළුත් අවුරුදු කාල සීමාව සහ මෙවර අළුත් අවුරුදු සමයේ පොලිස් ස්ථාන වෙත වාර්තා වී ඇති අපරාධ සහ රිය අනතුරු වල විශාල අඩුවීමක් නිරීක්ෂණය වී ඇති බව පොලිස් වාර්තාවකින් හෙළි වී ඇත.2023.04.10 දින සිට 2023.04.17 දින දක්වා වු දින 08 ක් තුළ වාර්තා වී ඇති අපරාධ සහ රිය අනතුරු වලට සාපේක්ෂව 2024.04.10 දින සිට 2024.04.17 දක්වා කාල සීමාව තුළ වාර්තා වී ඇති අපරාධ සහ රිය අනතුරු සම්බන්ධයෙන් පරික්ෂා කිරීමේදී මේ පිළිබඳ ව අනාවරණය වී ඇත.ඒ අනුව, 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ අවුරුදු සමයේ දින 08 කදී,

1.මනුෂ්‍ය ඝාතන සිදුවීම් 26 සිට සිදුවීම් 20 දක්වා අඩුවී ඇත.

2.තුවාල සිදු කිරීම් සිද්ධීන් 507 සිට සිද්ධීන් 389 දක්වා අඩුවී ඇත.

3.පහරදීම් සිද්ධීන් 4,431 සිට සිද්ධීන් 4,018 දක්වාත් අඩුවී ඇත.

4.ආරවුල්/ ගැටුම් සිද්ධීන් 4,425 සිට සිද්ධීන් 3,936 දක්වා අඩුවී ඇත.

5.දේපල/ මුදල් සොරකම් සිද්ධීන් 339 සිට සිද්ධීන් 244 දක්වා අඩුවී ඇත.

6.ගෙවල් බිදුම් අපරාධ 195 සිට අපරාධ 150 දක්වා අඩුවී ඇත.

7.ගෙල බැදි රන්මාල කොල්ලකෑම් අපරාධ 29 සිට අපරාධ 23 දක්වාත් අඩුවී ඇත.

8.ගිනි තබා අනර්ථය කිරීම් 48 සිට 46 දක්වාත් අඩුවී ඇත.

9.පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම් සිද්ධීන් 9 සිට 7 දක්වාත් අඩුවී ඇත.

ඉහත දත්තයන් අනුව පෙර වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ අළුත් අවුරුදු සමයේ සැලකිය යුතු මට්ටමකින් අපරාධ අඩුවී ඇති බව අනාවරණය වී ඇති අතර, මෙයට ප්‍රධාන වශයෙන්ම දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන යුක්ති මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.එසේම, ⁣ පොලිස්පතිවරයා විසින් දිවයින පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය මැඩලීමේ යුක්ති මෙහෙයුම් සහ පාතාල අපරාධ මැඩලීමේ යුක්ති මෙහෙයුම් තවදුරටත් තීව්ර කරලීමටත්, දිවයින පුරා පොලිස් වසම් වලට ගැලපෙන අයුරින් අපරාධ නිවාරණය සැලසුම් සකස් කර ඉදිරි තෙමස තුළ මෙහෙයුම් සිදුකිරීමටත් උපදෙස් ලබාදී ඇති බව වැඩිදුරටත් පොලිස් මුලස්ථානය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here